ටී.බී ගෙන් වැඩේ පටන් ගනී..ප්‍රකාශයක් දෙන්න එෆ්.සී.අයි.ඩී එයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී.ඒකනායක මහතා අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැදවා තිබේ.

සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන්  සිටියදී සිදු කළ බව කියන  වාහන අවභාවිතාවක්  සම්බන්ධයෙන්  ප‍්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය  ටී බී ඒකනායක මහතාට මෙසේ අද පෙරවරුවේ  මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඇති බව පොලිසිය කියයි.

පසුගිය 24 වැනි දා මන්ත්‍රීවරයා මේ වෙනුවෙන් කැඳවා තිබු අතර එදින පාර්ලිමේන්තු දිනයක් බැවින්  පැමිණිය නොහැකි බවට ඔහු  දැනුම් දී තිබු බවද පොලිසිය කියා සිටියේය.කෙසේ වෙතත් එය සැළකිල්ලට ගෙන  මුල්‍ය අපරාධ කොට්ඨාසය අද පෙරවරු 10.00 ට ප‍්‍රකාශ ලබා ගැනීමට ඒකනායක මහතා කැදවා තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here