ජාඇල නගරසභා විපක්ෂනායකමට තුන්කොන් සටනක්!

0

ජාඇල නගර සභාවේ විපක්ෂනායක තනතුරු ලබාගැනීම සදහා තුන්කොන් සටනක් නිර්මාණය වී ඇතැයි වාසල විත්ති වෙත වාර්තාවේ.එක්සත් ජාතික පක්ෂයේ විකල්ප කණ්ඩායම නියෝජනය කරන අර්නස්ට් ප්‍රනාන්දු මහතා,එජාපයේ මල්කාන්ති කල්දේරා මහත්මිය සහ පොදුජන පෙරමුණේ විකල්ප කණ්ඩායම නියෝජනය කරන දීපිකා මාකස් මහත්මිය අතර මෙම සටන නිර්මාණය වී ඇතැයි වාර්තාවේ.පළාත් පාලන ආයතනවල සභාපති තේරීමේදී පලමු වතාවට ජාඇල නගරාධිපති තනතුර සදහා එජාපයද පක්ෂව ඡන්දය භාවිතා කලේය.උප නගරාධිපතිවරයා ලෙස එජාපයේ සභිකයෙකු නිතරගයෙන් පත්විය.එහිදී එජාපයේ සහ පොහොට්ටුවේ තීන්දුවලට පිටින් කටයුතු කර නගරාධිපති අපේකෂකයන් ලෙස තරග කල දෙදෙනාම පරාජයට පත්විය.එම නගරසභාවේ මංගල සභා වාරය අද පෙරවරුවේ පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here