ජාඇලත් පොහොට්ටුවට..එජාපයත් පක්ෂයි

0

ජාඇල නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස පොදුජන පෙරමුණේ ශම්මික ඩයස් මහතා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුගේද සහාය ඇතිව වැඩි ඡන්දයෙන් තේරී පත්විය.

එහි උප නගරාධිපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ රුවින්ද  අබේරත්න මහතා නිතරගයෙන් තේරීපත් විය.එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායද ඇතිව පොහොට්ටුවෙන් නගරාධිපතිවරයෙකු පත්වු පලමු පළාත් පාලන ආයතනය මෙය වීමද විශේෂත්වයකි.

සභුකයින් 18 දෙනෙකු සිටින නගරසභාවේ පොහොට්ටුව නියෝජනය කරන සභිකයින් 6 දෙනෙකු සහ එජාපය නියෝජනය කරන සභිකයින් 4 දෙනෙකු ශම්මික ඩයස් මහතා වෙනුවෙන් ඡන්දය භාවිතා කලේය.ජනතා විමුක්ති පෙරමුණේ සභිකයින් සහ ශ්‍රිලනිප සභිකයින් ඡන්දය දීමෙන් වැලකී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here