ජනාධිපති හෙට පකිස්තානයට

0

තෙදින නිල සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට පකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතය.

පකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන් මහතාගේ ආරාධනාවකට අනුව ලබන 24 වනදා දක්වා ජනාධිපතිවරයා එරට සංචාරය කරනු ඇති.

සංචාරය අතරතුර ජනාධිපතිවරයා පකිස්ථාන ජාතික දිනයට සහභාගී වීමටද  නියමිව තිබේ.සංචාරය අතරතුර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද නියමිතව තිබේ.

ඊට අමතරව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පකිස්ථාන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය ෂහීඩ් ඛාකන් අබ්බාසි මහතා සමඟ විශේෂ සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here