ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අක්‍රමිකතා ගැන වාර්තාවක් අධිකරණයට

0

වසර  2008_2015 අතර කාලය තළ දී ජනාධිපති ලේකම් කාර්යාලයට වාහන මිලදී ගැනීමේදී අක්‍රමිකතාවයක්  සිදුව ඇති බව කියක සිද්ධියට අදාළව වැඩිදුර වාර්තාවක් පොලිස් විශේෂ විමර්ශන ඒකකය  අද (28) කොටුව අධිකරණයට ඉදිරිපත් කළේය.

සිද්ධියට අදාළව විමර්ශන පවත්වා ලබන මැයි මස 30 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස කොටුව වැඩබලන මහේස්ත්‍රාත් දීමනී බැද්දවෙල මහත්මිය  පොලිස් විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළාය.

මේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දැනට ඇප මත සිටින  ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු අතිරේක ලේකම් වරයෙකු සහ හිටපු ගණකාධිකාරී වරයකු වන  දේවනාරායන සිසිර ගුණරත්න, අමරසිංහ ලේකම්ගේ දොන් ගුණරත්න යන දෙදෙනා අද අධිකරණයේ පෙනී සිටියේය.

අදාළ කාලය තුළ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන වලට අවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා ගැනීමේදී එම අක්‍රමිකතාව සිදුව ඇති බවටත් වාහන මිලදී ගත් බව කියන අයිඩියල් මෝටර්ස් ආයතනය.මයික්‍රො ආයතනය ඇතුලු ආයතන වලින් සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු ගේ සාක්ෂි සටහන් කර ඇත

ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්යය මණ්ඩලය ප්‍රධානි රන්ජන් ධර්මවර්ධන මහතා 2016-04-01 දින සිදු කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශන වලට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අදාළ කාලය තුළ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන වලට අවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා ගැනීමේදී එම අක්‍රමිකතාව සිදුව ඇති බවටත් වාහන මිලදී ගත් බව කියන අයිඩියල් මෝටර්ස් ආයතනය.මයික්‍රො ආයතනය ඇතුලු ආයතන වලින් සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු ගේ සාක්ෂි පොලිස්  විශේෂ විමර්ශන කොට්ඨාසය සටහන් කර ගෙන ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here