ජනාධිපතිවරණයට ගෝඨා එනවානම් මමත් සහාය දෙනවා..මෛත්‍රී කියයි..අනෙක් රාජපක්ෂවරුන්ට වඩා රට ගැන කැක්කුමක් ඔහුට තියන බවත් කියයි..

0

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණේ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා නම් ඔහුට සහාය ලබා දෙන බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා සෙසු රාජපක්ෂවරුන්ට වඩා රට ගැන කැක්කුමක් ඇති පුද්ගලයෙකු යයිද ඔහු සදහන් කරයි.

කොතරම් අඩුපාඩු තිබුනද යුද්ධය අවසන් කරමින් නාගරික සංවර්ධනයද කිරීමට විශේෂ කැපකිරීමක් ඔහු විසින් කල බවද ඒ මහතා සදහන් කරයි.

කිසිම හේතුවකට යලිත් රනිල් වික්‍රමසිංහ හෝ මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ එක්ව දේශපාලනය නොකරන බවද ඔහු සදහන් කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here