ජනපති හිරෝෂිමාවේදී හැගීම්බර වෙයි

0

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා දෙවන ලෝක යුධ සමයේ පරමාණු බෝම්බ ප‍්‍රහාරයකට ලක්වූ හිරෝෂිමා ප‍්‍රදේශයේ සංචාරයක නිරත විය.හිරෝෂිමා නගරය වෙත ගිය ජනාධිපතිවරයා එහි නගරාධිපතිවරයා විසින් පිළිගත් අතර, අනතුරුව හිරෝෂිමා ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා එහි කෞතුකාගාරය නැරඹීමට ද එක්විය.1945 වසරේ අගෝස්තු 06 වනදා ලොව ප‍්‍රථම පරමාණු බෝම්බ ප‍්‍රහාරය හිරෝෂිමාවට එල්ල විය.එහිදී නගරයෙන් සියයට අනූවක් පමණ විනාශ වූ අතර, එකවර මිය ගිය සංඛ්‍යාව අසූදහසකට අධිකය.වසර අවසානයේ එම මරණ සංඛ්‍යාව එක්ලක්ෂ හතළිස්දහස දක්වා ඉහළගියේය .මෙම ඛේදවාචය සිදුවූ ස්ථානය නැරඹූ ජනාධිපතිවරයා ටික වේලාවක් එහි හැඟුම්බරව ගත කළේය. එමෙන්ම එම භූමියේ සංරක්ෂණය වෙමින් පවතින ගොඩනැඟිල්ල ද මෙහිදී ජනාධිපතිවරයාගේ නිරික්ෂණට ලක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here