ජනපති ගංවතුරෙන් විපතට පත් ජනතාව බලන්න යයි

අධික වැසි තත්ත්වයත් සමග සිදුවූ ජල ගැලීම්වලින් විපතට පත්වූවන්ගේ සහන කටයුතු පිළිබද සොයා බැලීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පස්වරුවේ හලාවත ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

ජල ගැලීම හේතුවෙන් ගිලා බැසීමට ලක්වූ මැදගොඩ පාලම  ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.

ඉන් අනතුරුව ප්‍රදේශයේ අවතැන්වූ ජනතාව රදවා සිටින නාත්තණ්ඩිය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය වෙත ද ගිය ජනාධිපතිතුමා එම ජනතාවගේ අඩු පාඩු පිළිබද සොයා බැලීය.

මේ අතර මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් හමුවූ ජනාධිපතිතුමා එම ජනතාව වෙනුවෙන් ගෙන යන සහන වැඩපිළිවෙළ පිළිබදව සොයා බැලීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here