ජනපති එයි..මේ සතියේ තීරණාත්මකයි!

0

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස සිය ඇමෙරිකානු සංචාරය නිමා කර අද (30) අලුයම 1.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

මෙම පිරිස 73 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට පිටත්ව ගොස් තිබිණි.ඉදිරි දින කිහිපය තුල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණාත්මක තීන්දු තීරණ කිහිපයක් ගැනීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here