ගෝඨා පොහොට්ටු මහ ගෙදරට එයි!

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ අද දිනයේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්‍ෂ කාර්යාලයට පැමිණීමට නියමිතය.

පක්‍ෂ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් කරන ලද ආරාධනාවක් අනුව රාජපක්‍ෂ මහතා අද දිනයේ මෙසේ සෘජුව දේශපාලනය සදහා එක්වීමට නියමිතය.

අද දිනයේ එම කාර්යාලයේදී පැවැත්වෙන පළාත් සභා මන්ත්‍රීවරුන්ට පක්‍ෂ සාමාජිකත්වය පිරිනැමීමේ අවස්‌ථාවට ද එක්‌වනු ඇත.

මේ අවස්ථාවට හිටපු කථානායක චමල් රාජපක්‍ෂ මහතා, බැසිල් රාජපක්‌ෂ මහතා මෙන්ම ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවට සහභාගී වෙයි.දැනට විසුරුවා ඇති පළාත් සභා තුනෙහි මන්ත්‍රීවරුන් සියළු දෙනාද මෙහිදී සමාජිකත්වය ලබා ගැනීමට නියමිතය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here