කොහේ ගියත් එරන්ද රෑට කන්න ගෙදර එනවා..

0

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ දියණිය සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතාගේ බිරිඳ  වන එරංති වැලිඅංගේ මහත්මිය සමඟ වාසල විත්ති විශේෂ සංවාදයක යෙදුනේය.මේ අප ඇය සමග කල සංවාදයයි..

කොහොමද මේ දවස්වල විස්තර?

මේ දවස්වල ටිකක් කාර්යබහුලයි.එරන්ද යොවුන් පුරේ වැඩකටයුතුවලට ඇව්ල්ල නිසා මමත් මේ දවස් ටිකේ නිකවැරටියේ තමයි ඉන්නේ.

කොහොමද යොවුන් පුරේ වැඩකටයුතු?

ඉතාම සාර්ථකව පැවැත්වෙනවා.තරුණ තරුණියන්ගේ ලොකු උනන්දුවක් තියනවා.රටේ තරුණ පරපුර මේ තරම් උද්යෝගයෙන් කරන වැඩ ගැන බැලුවම අපේ රටේ අනාගතය ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා.එරන්ද එකේ කොටස් කරුවෙක් වීමත් ලොකු සතුටක්.

එරන්ද වැලිඅංගේ කියන චරිතය කොහෙදිද ඔබට ඉස්සරවෙලාම හම්බෙන්නේ

එරන්ද මට හම්බෙන්නේ අහම්බෙන් ඒ යොවුන් පෙරමුණේ රැස්වීමදි.එතනින් අදුන ගත්තාම අපි හොද යාළුවො උනා.

යාළුකම කොහොමද විවාහයක් දක්වා දුරදිග ගියේ?

යාළුවෙක් විදියට ආශ්‍රය කරගෙන ඉන්නකොට එරන්දම දවසක් මට කිවුවා එයා මට කැමතියි.මම මොකද කියන්නේ කියල.මම කිවුවා පොඩ්ඩක් ඉන්න ගෙදරින් අහල කියන්නන් කියලා.පස්සේ මම අප්පච්චිගෙන් අහලා කැමැත්ත දුන්නා.

එරන්ද හම්බෙන්න කලින් ඔබට ආදර සම්බන්ධතා තිබිලම නැද්ද?

නෑ මෙහෙමයි.මම වැඩිදුර අධයාපනය හැදෑරීමට විදෙස් ගතවෙලා හිටියේ.ආවට ගියාට කරන්නත් බෑනේ.ගෙදරින් හෙවුවා ඒ හොයන අතරෙ තමයි එරන්ද මගෙන් අහන්නේ ඉතින් මමත් කැමති උනා ගෙදරිනුත් කැමති උනා.අපි විවාහ උනා(සිනාසෙමින්)

විවාහ වෙනකොට හිතුවද එරන්ද මේ වගේ කාර්යබහුල කෙනෙක් කියලා

නෑ.කාර්යබහුලකම අපිට පොඩිකාලේ ඉදලා හුරු දෙයක්.ඉස්සරත් අපේ අප්පච්චි කොච්චරවත් ගෙදර නෑ.සමහර වෙලාවට අම්මත් අප්පච්චි එක්ක දේශපාලන වැඩවල හිටියේ ඒ නිසා මට ඒක ලොකුවට දැනුනේ නෑ.

එරන්දගේ කාර්යබහුලකම එක්ක කොහොමද පවුල් ජීවිතය ගෙනියන්නේ?

කොච්චර කාර්යබහුල උනත් එරන්ද ගෙදර වැඩ අතපසු කරන කෙනෙක් නෙමෙයි.එයා හැමදේම කළමනාකරණය කරන කෙනෙක්.කොහේ ගියත් රෑට කන්න එයා ගෙදර එනවා.හැමදේම හොයල බලනව.

ඉස්සරනන් සභාපතිකම විතරයි තිබුණේ දැන් පූර්ණකාලීනව දේශපාලනේ කරන්න වෙනවා ආසන සංවිධායකකමකුත් තියෙන නිසා?

ඔව් හැමදේම එරන්ද බොහොම වගකීමකින් කරන කෙනෙක් ඒ නිසාම මම එරන්දට නිති දාල නෑ.එරන්ද මට කවදාවත් නීති දාලත් නෑ.හැබැයි එරන්දට දේශපාලනයට වඩා මම කැමති එයා නීතීඥයෙක් නිසා ඒ පැත්තෙන් ඉස්සරහට යනවට.නමුත් එයා කැමති දේශපාලනයට.කොහොම උනත් මම එරන්දගේ වැඩ වලට කොන්දේසි විරහිතව සහාය දෙනවා.

ඔබේ පියත් රාජ්‍ය ඇමතිවරයෙක් කොහොමද එරන්දගෙ වැඩවලට ඔබේ පියාගේ සහයෝගය?

අප්පච්චි ඒරන්දට එක දෙයක් කිවුවා.පුතා දේශපාලනය කියන්නේ මඩ ගොඩක් ඒව ගහගන්න බලාගෙන එන්න කිවුවා.එරන්දගෙ වැඩවලදි අප්පච්චිගෙ සහායත් ලැබෙනව.මටත් වැඩිය දැන් ඒ දෙන්නා තමයි වැඩිපුර කතාබහ කරන්නේ.

හුගක් වෙලවට පියා දේශපාලනය කරන පවුල්වල දරුවොත් දේශපාලනය කරනවා ඇයි ඔබට ආස නැද්ද මන්ත්‍රීවරියක් වෙන්න?

අපිට හැමදේම ළඟාකරගන්න බෑ.දේශපාලනේ කරනවට වඩා පවුල් ජීවිතේ මට වටිනවා.අනික අප්පච්චිත් කැමති උනේ නෑ අපි දේශපාලනය කරනවට

මොනවද අනාගත බලාපොරොත්තු?

මගේ ඉගෙනීම් කටයුතු තවම ඉවර නෑ.එරන්දටත් එහෙමයි ඒ වැඩ ටික ඉවරකරගන්න ඕන.

දරු සුරතල් බලන්න බලාපොරොත්තුවක් නැද්ද ලගදි?

(සිනාසෙමින්)කාලයත් එක්ක හැම දේම සිදුවෙයි.

 

කතාකලේ – මිහිරාන් 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here