කාන්තාවන්ගේ ඉගසුග ගැන ජනපති ඇමති ෆොන්සේකාගෙන් ඇහුව කතාව

0

තිරසර දැක්ම කතිකාව ජනගත කිරීමේ උත්සවය ජනපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැතිවිණි. හිටපු අගමැති දි.මු. ජයරත්න, තිරසර සංවර්ධන ඇමැති සරත් ෆොන්සේකා ඇතුළු මැති ඇමැතිවරුන්, විද්වතුන් විශාල පිරිසක් ඒ සඳහා සහභාගි වූහ. මේ සඳහා අගමැති රනිල් සහභාගි නොවීමද උත්සව සභාවේ සිටි ඇතැමුන් කසුකුසු ගාන්නට වූහ. ජාතික තිරසර කතිකාව උදෙසා සකස් කළ විද්වත් කමිටු වාර්තාව එහි ප්‍රධානි මහාචාර්ය මොහාන් මුණසිංහ විසින් මෙහිදී ජනාධිපතිවරයාට භර දුන්නේය.

“තිරසර සංවර්ධනය සඳහා එළිදැක්වුණු වාර්තාව සමඟ මේ රටේ පාසල් දරුවන්ගේ ඉඳලා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට විවෘත ආරාධනාවක් කරනවා මේ ගැන සංවාදයක් ඇති කරන්න කියලා.” ජනාධිපතිවරයා කීවේය.

එහිදී ජනාධිපතිවරයා තොටගමුවේ රාහුල හිමියන් විසින් රචිත සැළලිහිණි සන්දේශයේ එන කවියක්ද මතක් කළේය. උන්වහන්සේ කාන්තාවන් ගැන ලියූ කවියක් ජනාධිපතිවරයා එහිදී අපූරුවට ගායනා කළේය.

“සිසිවන උවන ඉඟසුඟ ගත හැකි මිටින

නිසි පුළුලුකුල රිය සකයුරු තිසර තන

දිසි රණ ලියෙව් යුතු මෙපුරඟන

ඇසි පිය හෙළන පමණින් නොවෙති දෙවඟන”

යැයි ජනපති මෛත්‍රි කළ ගායනයට උත්සව සභාවේ සිටි සියලු දෙනා අත්පොළසන් දෙන්නට විය. ජනාධිපතිවරයා එතැනින්ද නතර වූයේ නැත.

ඒකනේ කන්තාවන්ගේ සුන්දරත්වය තමයි මේ කවියෙන් කියවෙන්නේ. කාන්තාවන් හරියට අත මිට මොළොවපුවහම අල්ලන්න පුළුවන්ලු. මම දන්නෑ. ඒක ඇත්තද? ෆොන්සේකා ඇමැතිතුමා?” යැයි සිනාසෙමින් ජනාධිපතිවරයා ෆොන්සේකා ඇමැතිවරයාගෙන් විමසුවේය.

ෆොන්සේකා ඇමැතිවරයාට කර කියා ගත දෙයක් නොමැති විය. උත්සව සභාවම එකම සිනා සාගරයක් බවට පත්විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here