කලකිරුණු එජාම මන්ත්‍රීවරුන් පිරිසක් එජාප මැයි රැළිය වර්ජනය කරයි

පක්ෂ ප්‍රතිසංධාන වැඩපිලිවෙල සහ කැබිනට් සංශෝධනය ගැන කලකිරී සිටින එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක් අද පැවැත්වෙන කම්කරු දින උත්සවය වර්ජනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අළුවිහාරේ මහතා කීවේය.විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාද කිරීමට පෙර දැඩි අනුකම්පා සහිතව අපේ අවශ්‍යතා ලබාදීමට කතාකල අගමැතිවරයා එය ජයග්‍රහණය කිල පසු යළිත් සුපුරුදු තත්වයටම වැටී තිබීම ලැජ්ජා සහගත බවද මන්ත්‍රීවරයා කීවේය.එම නිසා තමන් ඇතුලු තවත් මන්ත්‍රීවරුන් බොහෝ දෙනා මැයිදින රැලිය වර්ජනය කරන බවද හෙතෙම කියාසිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here