කටුනායක ගුවන්තොටුපළත් විකුණයි!

0

කටුනායක ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම පෞද්ගලික සමාගමක් බවට පත් කිරීමට ආණ්ඩුව කටයුතු යොදා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් හෙළිදරව් කළේය.

කෙසේ නමුත් ගුවන්තොටුපළ විදේශ සමාගමකට හෝ රටකට පැවැරීමට නම් සිවිල් ගුවන්සේවා පනත සංශෝධනය විය යුතු බවත්, ඊට පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු 113ක බහුතරයක් අවශ්‍ය බවත් පැවැසූ මන්ත්‍රිවරයා කියා සිටියේ එසේ පනත වෙනස් කිරීමට පාර්ලිමේන්තුවේදී ඉඩ නොතබන බවත්ය.

ආණ්ඩුව හා ආසියානු සංවර්ධන බැංකුව එක්ව ඇතිකරගත් ගිවිසුමට අනුව මත්තල ගුවන්තොටුපළ 70%ක් ඉන්දියාවට පැවැරීමට කටයුතු කළා සේම කටුනායක ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමද පෞද්ගලික සමාගමක් බවට පත් කිරීමට අදාළ සමාගම් රෙජිස්ට්‍රාර්වරයා ලිඛිතව කරුණු දන්වා ඇති බව මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

ඒ අනුව දැනට පවතින නාමය වෙනුවට Aඉර්පෝර්ට් අන්ඩ් Aවිඅටිඔන් Sඑර්විච්එස් (Sරි ළන්ක) (ඵ්ව්ට් ළිමිටෙඩ්) යනුවෙන් නම වෙනස් කිරීමට නීතිමය ගැටලුවක් නොමැති බවද සමාගම් රෙජිස්ට්‍රාර්වරයා සිය ලිපිය හරහා දැනුම් දී ඇති බවත් හේරත් මහතා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් පවතින සිවිල් ගුවන් සේවා පනතට අනුව ගුවන්තොටුපළ පෞද්ගලික අංශයට හෝ විදේශ රටකට පවරා ගැනීමට නොහැකි බව පැහැදිලිව දන්වා ඇති හෙයින් කිසිසේත්ම එකී පනත වෙනස් කිරීමට පාර්ලිමේන්තුවේදී ඉඩ නොදෙන බවද හෙතෙම වැඩිදුරටත් කීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here