කටානට පොහොට්ටුව අහිමිකල ආනන්දට විනය පරීක්ෂණයක්

0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ ජයගෙන තිබු  කටුනායක සිදුව නගර සභාවේ නගරාධිපති තනතුර අහිමිකළ ආනන්ද හරිස්චන්ද්‍ර කටානේ  සංවිධායක වරයාට එරෙහිව විනය පරීක්ෂණයක්  පැවැත් විය යුතුබව එම නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති ගාමිණී හෙට්ටිආරච්චි මහතා පවසයි

ඒ මහතා මෙම අදහස් පලකලේ පොදුජන පෙරමුණ විසින් ජයගත්  කටුනායක සිදුව නගර සභාවේ නගරාධිපති තනතුර එක්සත් ජාතික පක්ෂයේ සරත් පිරිස් මහතාට හිමිවීම පිලිබදව කරුණු පැහැදිලි කිරීම සදහා ඒ මහතාගේ නිවසේ අද උදැසන පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්චාවේ දීය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ හිටපු නියෝජ්‍ය නගරාධිපති වරයා ආනන්ද හරිස්චන්ද්‍ර සංවිධායක වරයා පක්ෂයේ නිර්ණායකයන් සහ පක්‍ෂ නායකත්වයේ තීරණ වලට අවනතව කටයුතු නොකරන බවද මෙනිසා කටානේදී පොදුජන පෙරමුණ අයාලේ යනබවද සදහන් කළේය .

සමාන දේශපාලන මතවාද ඇති ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නගර සභිකයන් ගේ සහයෝගය ඇතිව පොදුජන පෙරමුණට දිනා ගත හැකිව තිබු නගරාධිපති තනතුර එක්සත් ජාතික පක්‍ෂය සමග ඩ්ල්දමා ලබාගැනීමට කටයුතු කිරීමෙන් දේශපාලන ඛේදවාචකය සිදුවු බවද ඔහු පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here