ඒකාබද්ධ විපක්ෂයේ පොල් බෑ මූණා…පුවක්බඩිල්ලා..මහින්ද මුත්තා ගැන ගන්කන්ද කල හෙලිදරව්ව

0

ගෝලයෝ හලලා තනිව මාධ්‍යයට මුහුණ දෙන්නැයි තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ පසුගියදා පැල්මඬුල්ල පහළවත්ත එක්සත් ජාතික පක්‍ෂ කාර්යාලයේ පැවැති පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගන්කන්ද මහතා මෙසේද සඳහන් කළේය.

ඉස්සර හිටියා මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි කියලා කට්ටියක්. දැන් මහදැනමුත්තා නෑ. ඒ වෙනුවට ඉන්නේ මහින්ද මුත්තයි. ගෝලයෝ හැත්තයි. මහදැනමුත්තට හිටියා කෝටුකිතයියා, ඉඳිකටුපැංචා, පුවක්බඩිල්ලා, පොල්බෑමූණා සහ රබ්බඩ අයියා කියලා මුත්තටම ගැළපෙන එහෙයියෝ රංචුවක්. අපේ මහින්ද මුත්තටත් දැන් ඉන්නවා ඒ වගේම ගෝලයෝ හැත්තක්. ජී.එල්, දිනේෂ්, වීරවංශ, ගම්මන්පිල සහ අජිත් නිවාඩ් කබ්රාල්.

ඊයේ, පෙරේදා අපි දැක්කා මහින්ද මුත්තා මේ ගෝලයෝ නඩෙත් එක්ක මාධ්‍ය හමුවක් පවත්වනවා. රුපියල කඩාවැටීම පිළිබඳව දෙස් විදෙස් ජනමාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ අන්තිමට සිද්ධ වුණේ රුපියල කඩාවැටීම කෙසේ වෙතත් රටත් ලෝකයත් ඉදිරියේ මහින්ද මුත්තාගේ සරම කඩාවැටීම වැනි වැඩක්. මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් මැද මුත්තා එහාට ඇඹරුණා. මෙහාට ඇඹරුණා. හරියට දිමි ගොට්ටක් ඇඟට කඩා දාලා වගේ. මාධ්‍ය නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙනවා වෙනුවට මුත්තා මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න අහනවා. ඔයා මොන නාළිකාවෙන්ද කියලා අහනවා. පවු අප්පා මුත්තාට ගිය කල. මෙන්න මේ වගේ අවස්ථාවල තමයි බැරි සිල් නොගන් මුත්තේ කියලා කියන්න වෙන්නේ.

අපේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා මහින්ද මුත්තට විවෘත අභියෝගයක් කළා. පුළුවන්නම් රුපියල කඩාවැටීම සහ රටේ ආර්ථිකය ගැන මුහුණට මුහුණ රූපවාහිනි විවාදයකට එන්න කියලා.

මහින්ද මුත්තා මේ කපේට ඔය වගේ මුහුණට මුහුණ වාද විවාදවලට එන්නේ නෑ. සජිත් ප්‍රේමදාස එක්ක මුහුණට මුහුණ විවාදය කෙසේ වෙතත් පුළුවන් නම් ඉඳිකටු පැංචා, පුවක්බඩිල්ලා, කෝටුකිතයියා, රබ්බඩඅයියා සහ පොල්බෑමූණා වැනි ගෝලබාලයෝ හලලා තනියම මාධ්‍යයට මුහුණ දෙන්නැයි අපි මහින්ද මුත්තගෙන් බොහොම ගරුසරුවෙන් යුතුව ඉල්ලා සිටිනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here