ඒකාබද්ධ විපක්ෂයේ ජනපති අපේක්ශකයා වෙල්ගම…ගෝඨා කැපේ

0

රටේ මීලග ජනාධිපතිවරයා වීමේ වාසනාවක් හා හැකියාවක් පාර්ලිමේන්ත මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතාට ඇතැයි මෙරට ප‍්‍රකට අනාවැකි කියන්නෙකු විසින් අනාවැකියක් කියා ඇතැයි වාර්තා වෙයි.

ඒ අනාවැකියෙන් පසුව වෙල්ගම මන්ත‍්‍රීවරයා ඒ සම්බන්ධයෙන් යම් යම් ඉගි කළුතර දිස්ත‍්‍රික්කයේ ස්ථාන කිහිපයකදීම පැවති ජනහමුවලදී පල කර ඇතැයිද මාධ්‍ය වාර්තා පලවෙයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව යම් යම් ප‍්‍රකාශයන් නිතර නිකුත් කරමින් සිටින්නේද අනාගත රාජ්‍ය නායකත්වයේ ඉලක්කය ඇතිව විය හැකි යයිද සදහන්ය.

දීර්ඝ කාලීන ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙක් වන කුමාර වෙල්ම මහතා මේ ගත කරන්නේ සිය දිවියේ 69 වන වසරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here