ඒකාබද්ධයේ ගම්පහ මන්ත්‍රීවරුන් සුදර්ශනීට කොකා පෙන්නයි!ඡන්දය වෙලාවේ පාර්ලිමේන්තු කැන්ටිමේ තේ බීලා…

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස ඊයේ පැවති රහස් ඡන්දයෙන් මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා පත්විය.ඔහු සමඟ එම තනතුරට තරග කල ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ඇය නියෝජනය කරන දිස්ත්‍රික්කයේ ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් කිසිවෙකු ඡන්දය නොදීමද විශේශත්වයකි.ඡන්දය විමසන අවස්ථාවේ එම මන්ත්‍රීවරුන් අතරින් සභාවේ සිටියේ සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා පමණී.ප්‍රසන්න රණතුංග,නිමල් ලන්සා,ඉන්දික අනුරුද්ධ,ප්‍රසන්න රණවීර,ඩුලීප් විජේසේකර යන මන්ත්‍රීවරුන් කිසිවෙකු ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටියහ.කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 18 දෙනෙකු ඇය වෙනුවෙන් ඡන්දය භාවිතා නොකළ බවද වාර්තාවේ.ඡන්දය විමසන අවස්ථාවේ එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ආපන ශාලාවේ සිටි බවද වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here