එජාප මැයි රැළියට නොපැමිණි මන්ත්‍රීවරුන් කවුද?

ඇමතිවරුන් වන මලික් සමරවික‍්‍රම, සාගල රත්නායක, දයා ගමගේ සහ කබීර් හෂීම් යන අය අද පවැත්වුණු එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලියය සහභාගී නොවු බව වාර්තාවේ.

ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතාද අසනීප නිසා සහභාගී වී නැති බව එම පක්ෂයේ ජේෂ්ඨ ප්‍රාකාශකයෙකු වාසල විත්ති වෙත හෙළිදරව් කලේය.

ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් වන  පාලිත රංගේ බණ්ඩාර, සුජීව සේනසිංහ මහත්වරුන්ද නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, අශෝක අබේසිංහ සහ හර්ෂ ද සිල්වා යන මහත්වරුද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වන රංජිත් අළුවිහාරේ සහ මයන්ත දිසානායක යන පිරිසක්ද සහභාගී වී නැතැයි වාර්තා වෙයි.

පක්‍ෂ ප‍්‍රතිසංවිධානය පොරොන්දු වූ පරිදි සිදු නොකිරීමට විරෝධය පලකරමින් ඔවුන් බහුතරයක් මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here