එජාපයේ ඉරණම තීන්දුකරණ තීරණාත්මක හමුව හෙට

0

ඉදිරි කාලයේ එක්සත් ජාතික පක්ෂයේ ඉරණම තීන්දු කරන විශේෂ කෘත්ය්ධිකාරී මණ්ඩල හමුවක් හෙට දිනයේදී පැවැත්විමට නියමිතව තිබේ.මෙහිදී එජාපයේ නව තනතුරු කිහිපයක් වෙනස්වීමට නියමිතය.අංශ කිහිපයක් යටතේ සිදුකළ ප්‍රතිසංධාන වාර්තා කිහිපයක් හෙට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට නියමිතව ඇත.එම වාර්තා අනුව නව තනතුරු ලබාදීම සිදුවේ.පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වැඩි දෙනාගේ මතය වී ඇත්තේ පක්ෂ නායකත්වයද හෙට දිනයේ වෙනස් විය යුතු බවය.එසේ වුවහොත් අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ ඇති විශ්වාසභංගයට එරෙහිව ඡන්දය දීමට හැකි බවද ඔවුන් කියා සිටී.

මේ අතර විශ්වාසභංගය ගැන තීන්දු කිරීම සදහා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමටද නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here