එජාපයට අලුත් මුහුණු

එක්සත් ජාතික පක්ෂයේ  කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සමාජිකයන් නව දෙනෙකු පත්කර තිබේ.

දිස්ත්‍රික් මට්ටමින්  සහ පක්ෂ දේශපාලන මණ්ඩලය නියෝජනය කරමින් මෙම නව සාමාජිකයින් නව දෙනා අද පෙරවරුවේ පත්කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක සහ  අගමැති රනිල් වික්‍රම සිංහ මහතාගේ  ප්‍රධෘනත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වුහ.

ඒ අනුව මාතර  දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතරණ, මහනුවර මන්ත්‍රී  ලකී ජයවර්ධන, කෑගල්ල මන්ත්‍රීනී තුසිතා විජේමාන්න, පොලොන්නරුව මන්ත්‍රී සිඩ්නි ජයරත්න, රත්නපුර මන්ත්‍රී  ඒ.ඒ විජේතුංග සහ දුනේෂ් ගන්කන්ද, ගම්පහ මන්ත්‍රී අජිත් මානප්පෙරුම දිස්ත්‍රික් මට්ටමින් කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කෙරුණු අතර  දේශපාලන මණ්ඩල සභිකයකු වන නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී අලවතුවල මහතාද කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here