එකඟතා නෑ විශ්වාසභංගයට සහාය දෙන කතා බොරු

0

විශ්වාසභංගයට සහාය දෙන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර කිසිදු එකඟතාවක් සිදුවී නැති බවත් එසේ එකඟතාවක් ඇතිවු බවට පළවන වාර්තා අසත්‍ය බවත් ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාස භංගය පරාජය කිරීම සදහා ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර එකගතාවක් ඇතිවී ඇතැයි පලවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ඔවුන් මෙම නිවේදනය කර තිබේ.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ඒ ආකාරයේ කිසිදු සාකච්චාවක් සිදුව නැතැයිද ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් සදහන් කලේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here