එංගලන්තයේදී දැමු පාටිය ගැන චන්දිම කට අරී…..අපි ගැන දුක නැද්ද?ඒක සයිවර් කඩයක්..කැපුවේ ස්පන්චියක්….

0

එංගලන්තයේදී ඩිලාන් පෙරේරා අමාත්‍යවරයාගේ උපන්දිනය සයිවර් කඩේක සැමරූ බව හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.

ජනාධිපතිවරයා හමුවීමට ගොස් එංගලන්තයේදී සාද දමා විනෝද වූ බවට සමාජ ජාලාවන්හි පින්තූර පල වුවත් එම ස්ථානය සයිවර් කඩයක් බවත් ඩිලාන් පෙරේරා මහතාගේ උපන් දිනයට එහිදී කපන ලද්දේ ස්පන්චි කේක් එකක් බවත් වීරක්කොඩි මහතා කීවේය.

‘පාර අයිනේ පේමන්ට් කඩේක ඇමති කෙනෙක් පොඩි බනිස් ගෙඩියක් වගේ කේක් ගෙඩියක් කපල උපන දිනේ සැමරුව කිවුවම තමුන්නාන්සෙලාට දුක හිතෙන්නේ නැද්ද’ යයිද මන්ත්‍රීවරයා ශ්‍රිලනිප පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here