ඌව මාධ්‍යවේදීන්ට ගජ වාසියක්

0

මා සමඟ කළ සාකච්ඡාවෙන් පසු මා ප්‍රවාහන අමාත්‍ය සාලිය සුමේධ මහතාට කතාකර මාධ්‍යවේදීන්ට නිදහස් ගමන් බලපත්‍ර ලබා දෙන ලෙස කළ ඉල්ලීම ඉටු කිරීම පිළිබඳව එතුමාට විශේෂ ස්තූතිය පල කරන්න  කැමැතියි. මේ සඳහා ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සහාය දුන්නා. ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතීඥ ඇම්.පී. ජයසිංහ මහතා මෙසේ පැවැසුවේ ඌව පළාත්  පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති ඌව පළාත් මාධ්‍යවේදීන්ට නිදහස් ගමන් බලපත්‍ර ප්‍රධානය කිරීම හා ඌව පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සේවය කළ සේවකයන් 114 දෙනෙකුට  පත්වීම් ලිපි  ප්‍රධානය කිරීමේ උත්සවයේදීය.

සාකච්ඡාවක් සඳහා  මා හමුවී කළ ඉල්ලීමක් අනුව මෙම නිදහස් ගමන් බලපත්‍ර ලබා දීමට හැකි වුනේ පළාත් ප්‍රවාහන අමාත්‍යතුමා හා  ප්‍රධාන අමාත්‍යතුමා සහය දැක්වීම නිසයි. තවදුරටත් කතා කළ ආණ්ඩුකාරවරයා, මාධ්‍යවේදීන් ඉතා දැඩි දුෂ්කරතා මැද ඉටු කරන මෙහෙය ඉතා ඉහළින් අගය කළ යුතුයි.  ඒ අනුව ඔවුන් ඉටුකරන්නේද වැදඟත් සමාජ මෙහෙවරක්. මාධ්‍යයෙන් හෙලි කරන ලද පුවත් සඳහා මා විශේෂ අවධානයෙන් කටයුතු කරනවා. එම ප්‍රවෘත්ති අදාල අංශවලට යොමු කරනවා පමණක් නොව පසු විපරම් කිරීමටද කටයුතු කරනවා. අද දින මඟී ප්‍රවාහන අධිකාරියේ කාර්ය මණ්ඩලයේ සේවකයින් 114 දෙනෙකුට පත්වීම් ලබා දීමට හැකි වීම ඉතා අගය කළ යුතුයි. ඔවුන් මෙතෙක්  ඉතා සුලු වැටුපක් ලබමින් සේවය කළා.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here