ඌව මහ ඇමති පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් සමාව ඉල්ලා වැද වැටේ…

0

තමන් පළාත් සභාවේ මන්ත‍්‍රිවරුන් බැලන්ස් කරන්නේ වාහන, සල්ලි දීමෙන් බව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා විසින් කල ප‍්‍රකාශයකට එම සභාවේ මන්ත‍්‍රිවරුන්ගේ දැඩි විරෝදය එල්ල විය.

ශෂීන්ද‍්‍ර රාජපක්‍ෂ මහතා ඇතුළු තිදෙනෙක් එම ප‍්‍රකාශයට විරෝදය පා විපක්‍ෂයේ ස්වාධින මන්ත‍්‍රීවරුන් ලෙස අසුන් ගත්තේය.

සභාවේ විපක්‍ෂ මන්ත‍්‍රිවරුන් විසින් කළු පටි පැලද විරෝධයේ යෙදුනේය.

ඇතිවූ තත්වය මත මහ ඇමතිවරයා තම ප‍්‍රකාශය ගැන සභාවේ මන්ත‍්‍රීවරුනගෙන් සමාව ඉල්ලා සිටියේය.අනතුරුව ස්වාධීන මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා විසින් මහ ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් භාරදුන් අතර එහි අත්සන් ප්‍රමාණවත් නොමැති නිසා විවාද කිරීමට නොහැකි බව සභාපතිවරයා පවසා තිබේ.

“මගේ මන්ත්‍රීවරුන්ගෙන් මම සමාව ඉල්ලනවා.මම එහෙම එකක් කිව්වා නන්”මහ ඇමතිවරයා කිවේය.

“කිව්වා නන් නෙමෙයි..කිව්වා..”යැයි කියමින් මන්ත්‍රීවරුන් විරෝධය දැක්වුහ.

“හරි කිව්වා…මට එක පාරක් නෙමෙයි..දහස්වාරයක් සමාව දෙන්න”මහ ඇමතිවරයා වැද වැටුනේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here