උදයංග වීරතුංගට ආයෙත් වරෙන්තු

0

මිග් යානා ගනුදෙනුව සම්බන්ධ සිද්ධියේ  සැකකරුවකු වන හිටපු රුසියානු  තානාපති  උදයංග වීරතුංග මහතාට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද යළිත් විවෘත වරෙන්තුවක් නිකුත් කළාය.

කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ජාත්‍යන්තර පොලිසිය වෙත නියෝගයේ පිටපත් යොමු කර එම නියෝගයේ පිටපත් ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙස සිදු කළ ඉල්ලීම සලකා බලා  මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කළාය.

උදයංග වීරතුංග නැමැති සැකකරු මිග් යානා මිලදී ගැනීමේදී මූල්‍යමය අවභාවිතාවක් සිදුව ඇති බවත් සැකකරු ඩුබායි රාජ්‍යයය රඳවා ප්‍රශ්න කර ඇති බවත් සිද්ධියට අදාළව ජාත්‍යන්තර පොලිසිය හරහා විමර්ශන සිදු කරන බවත් ඒ හරහා ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය  කටයුතු සිදු කරන බවටත් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට දන්වා සිටියේය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here