ප්‍රසන්න රණවීර ආයෙත් හිරේ

0

ගම්පහ දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා එළඹෙන 22 වන දා දක්වාරක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මීට දින කිහිපයකට පෙර කිරිබත්ගොඩ ප්‍රදේශයේ පහරදීමේ  සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා අද අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ලබන 22 වන දින දක්වා ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා  රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්‍ත්‍රාත්වරයා නියෝග කර තිබේ .

සාදයකදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව ප්‍රසන්න රණවීර මහතාට එරෙහිව මෙම චෝදනා පොලිසිය විසින් ගොනුකර තිබේ.හම්බන්තොට ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයකදී ඇතිවු සිද්ධියක් සම්බංන්ධයෙන් මීට පෙරද මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here