ශ්‍රිලනිප පොහොට්ටු දීගය ඉවරයි.. මහ මැතිවරණයේදී ශ්‍රිලනිපය තනිවම

0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගොඩනැඟුණු සංධානය ඉදිරි මහ මැතිවරණයේදී අහෝසි වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහ මැතිවරණය තනිව තරග වැදීමට නියමිත බවද වාර්තා වේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පොළොන්නරුවේ පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය ලබා ගැනීම සඳහා කටයුතු සිදුකළ යුතු බවයි මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා ද කියා සිටියේ තමන් ඉදිරියේදී දේශපාලන කටයුතුවල තවදුරටත් නිරතවෙන බවය එය කිසි කෙනෙකුට නතර කර නොහැකි බවද මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here