හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රෝහලක හෘද සැත්කමක් සිදුකර ඇති බව වාර්තා වේ.
වෛද්‍ය පරීක්ෂණය කටයුත්තක් සදහා ගිය අවස්ථාවේදී හෘදයට රුධිරය සපයන නාල තුනක අවහිරතාවන් ඇති නිසා ඒවා සැත්කමක් මගින් ඉවත් කල යුතු බව වෛද්‍යවරුන් දැන්වා ඇත. අනතුරුව රාජපක්ෂ මහතාට මෙම ශල්‍යකර්මය සිදුකර තිබේ.
ශල්‍යකර්මය අවසන්ව දැනට සාමාන්‍ය වාට්ටුවක රාජපක්ෂ මහතා ප්‍රථිකාර ලබයි.
දෙසතියක පමණ කාලයක් ඔහුට විවේකයෙන් ගත කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.
ඉන් අනතුරුව හෘද සැත්මකදී සිදු කරන ආකාරයට මාස තුනක පමණ කාලයක් සුළු ව්‍යායායාම සිදු කිරීමට නියම කර ඇතැයිද වාර්තාවේ.
අනතුරුව වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ගෝටාභය රාජපක්ෂ මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
- මැති ඇමති වගතුග
- ආගිය විත්ති
- උණුසුම් පුවත්
- කතාකරන ගොසිප්
- මැතිසබේ විත්ති
- කියුම් කෙරුම්
- තිරයෙන් එහා
- දියවන්නා කොරිඩෝව
- පවුලේ විත්ති
- පුංචි ආණ්ඩුව
- මැති ඇමති අවධානයට