මොණරාගලින් පැන්න කුට්ටිආරච්චි හපුතලේ වැඩ පෙන්වයි

0

මෑත කාලයේදී පොහොට්ටුවට එක්වූ ඌව පළාත් සභා මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා දැන් හපුතලේ සංවිධායකවරයා ලෙස කටයුතු කරයි.ඒ ගැන මහත් බියට පත් පොහොට්ටුවේම මන්ත්‍රිවරු සහ ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් ඔහුගේ වැඩ පිලිවෙලට දැඩි විවේචන එල්ල කරන බවද  වාර්තා වේ. එහෙත් එම විවේචන නොතකමින් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සිය සංවිධාන කටයුතු මනාව මෙහෙයවන බවද වාර්තා වේ.
“මේ සැරේ  තුනයි. මම ඊළග පාර මාත් එක්ක හයක්ම පාර්ලිමේන්තු ගෙනියනවා.” මන්ත්‍රීවරයා මේ දිනවල මුළු හපුතලේ ආසනයේම ඇවිදිමින් පවසා ඇති බවද වාර්තාවේ.කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා එජාපයෙන් මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඌව පළාත් සභාවට තේරීපත් වූ අතර පහුගිය පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවට එක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here