ජනාධිපතිවරණයට පෙර ගෝඨාට ආණ්ඩුවෙන් තනතුරක්

0

ජනාධිපති තනතුර කෙසේ වෙතත් මේ දිනවල පුරප්පාඩුව පවතින අලුගෝසු තනතුර සඳහා සුදුසු පුද්ගලයා ගෝඨාභය රාජපක්‍ෂ බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ මේ රටේ ජනාධිපතිවරයා තෝරනු ලබන්නේ රටේ ජනතාව මිසක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නොවන බවයි.

පැල්මඬුල්ල, රිල්හේන විහාරස්ථාන භුමියේ පසුගියදා පැවැති උත්සව සභාවක් අමතමින්.

පසුගිය වසරේ ප්‍රදේශයේ පැවැති ගංවතුර සහ නාය යෑමෙන් හානියට පත් පැල්මඬුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයන් 1481 දෙනකුගේ නිවාස හා දේපළවලට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි මුදල් ලබාදීම සඳහා මෙම උත්සව සභාව පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීවේය.

ගෝඨාභය මේ දවස්වල ජනාධිපති පුටුවට කෙළ හලනවා. ජනාධිපති පුටුවට සුදුසු පුද්ගලයා තෝරන්නේ මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් අති බහුතර ජනතාව මිස මහින්ද රාජපක්‍ෂ නොවෙයි. හැබැයි ගෝඨාභයට සුදුසු තනතුරක් මේ දවස්වල පුරප්පාඩුව තිබෙනවා. ඒ බෝගම්බර හිරගෙදර අලුගෝසු තනතුරු දෙකක් පුරප්පාඩුව තිබෙනවා.

අද පොහොට්ටුවේ ලොකුම ගැටලුව අනාගත ජනාධිපති අපේක්‍ෂකයා කවුරුද යන්නයි. බැසිල්ද, චමල්ද, ගෝඨාභයද යන ආදී වශයෙන් රාජපක්‍ෂ කඳවුරේ කවරෙක් මෙම තනතුර සඳහා තරගයට ඉදිරිපත් කරන්නේද යන්න අද ඔවුන්ට ලොකු ගැටලුවක්.

මව්බිම

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here