අපවත්වී වදාල මාදුළුවාවේ සෝභිත නාහිමි අනුස්මාණය කරමින් අනුරාධපුර විලච්චිය ප්‍රදේශයේ ඉදිකෙරෙන මාදුළුවාවේ ශ්‍රී සෝභිතහිමි ගම්මානයට මුල්ගල තැබීම කථානායක කරු ජයසූරිය, නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණු අතර සෝභිතහිමි ගම්මානයේ ඉදිකෙරෙන නිවාස වලට අදාල ඉඩම් ඔප්පු එම පවුල් 150 වෙත පිරි නැමීමද අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින් මෙහිදී සිදුකෙරුණි.