විශ්‍රාම යන හැටි ගැන ජනපති කිව්ව කතාව

විශ්‍රාම ගැනීමට කලින් සිදුකිරීමට වැඩ කටයුතු බොහොමයක් ඇතිබව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

මඩක්කලපුව චෙන්කලඩි ක්‍රිඩාංගනයේදී පැවති ශ්‍රිලනිප මැයිදින රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කීවේය.

“සමහරු මගෙන් අහනවා 2020 දී විශ්‍රාම යනවාද කියලා.සමාජ වෙබ් අඩවි වලත් ඒක යනවා. ඒත් මට 2020 විශ්‍රාම යන්න කලින් කරන්න වැඩ බොහෝමයක් තියෙනවා.අවංක දේශපාලනඥයෝ ලංකාවේ කීයක් ඉන්නවද? හොරකම් කරපු නැති කී දෙනෙක් ඉන්නවද?  සමහරු 2020 දී බලයට එන්න හීන දකිනවා. ඒත් නිසි වැඩපිළිවෙලක් නැහැ.මේ අය රටේ දුප්පත් ජනතාවගේ හැගීම් තේරුම් ගන්න ඕනි. දේශපාලන නාඩි වැටෙන හැටි තේරුම් ගන්න ඕනි .සුරංගනා ලෝක ගැන ගොඩක් දෙනාට කතා කරන්න,  හීන දකින්න පුළුවන්. දුප්පත් ජනතාව ගැන ඒ අයට කැක්කුමක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය   ඉදිරියේදී  ජාතික සමගිය සංහිදියාව ඇති පැහැදිලි වැඩපිළිවෙලක් ඇතිව ඉදිරියට එනවා”යැයිද ජනාධිපතිවරයා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here