සරත් ගුණරත්නට ඇප..විදෙස් ගමන් බෑ..!

0

මීගමුව කළපුව සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වෙන් කර තිබූ රුපියල් මිලියන 12.5 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට අධි චෝදනා පත්‍ර බාරදීමෙන් පසුව ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේ බාරදීම සිදු කෙරුණි.

චෝදනා පත්‍ර බාරදීමෙන් පසුව එක්  එක් විත්තිකරු  රුපියල් 25000ක මුදල්  ඇප හා රුපියල් ලක්ෂ 5 බැඟින් වූ ශරීර ඇප දෙකක් මුදාහැරීමට නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගෙන වාර්තාවක් කැඳවන මෙන් ද නියම කළේය.

ඊට අමතරව විත්තිකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා දැනට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය බාරයේ පවතින ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර මහාධිකරණය වෙත යොමු කරන ලෙස ද එම අධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයාට නියම කළේය.අදාළ නඩුව ජුනි මස 04  වනදා යළි කැඳවීමට ද නියම කෙරුණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here