ජාඇල ප්‍රදේශයේ ක්‍රියාත්මක වන නීතිවිරෝධී සම්භාහන මාධ්‍යස්ථාන වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට සිට ඉවත් කිරීමට අද පෙරවරුවේ රැස්වු ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව තීරණය කල බව ජාඇල නාගරික මන්ත්රීනී මල්කාන්ති කල්දේරා මහත්මිය වාසල විත්ති වෙත පැවසුවාය.මේ සදහා පක්ෂ බේදයකින් තොරව සියළු මැති ඇමතිවරුන්ගේ එකඟතාව ලැබුනු බවද මන්ත්‍රීවරිය සදහන් කළාය.ඒ අනුව හෙට සිට එම සම්භාහන මාධ්‍යස්ථාන වැටලීමට කටයුතු කරන බවද කල්දේරා මන්ත්‍රීවරිය වැඩ්දුරටත් පැවසුවාය.