මහින්දානන්ද අත්අඩංගුවට

0

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මීට සුළු මොහොතකට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද උදේ අලුත්ගමගේ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබිණි.

2014 වර්ෂයේ දී කැරම් හා දාම් ලෑලි මිලදී ගැනීමෙන් රුපියල් මිලියන 39ක් රජයට පාඩු කළැයි කියන චෝදනාවට ඒ මහතා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.මන්ත්‍රීවරයා මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here