ඉවත් වු 16 දෙනා ආණ්ඩුවේ රෙදි ගලවයි…සුසිල්ගේ කතාවෙන් පාර්ලිමේන්තුව උණුසුම්

ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා ඊයේ පාර්ලිමේන්තුවේ පැවති පළමු විවිදායට සහභාගි වී ආණ්ඩුවේ කටයුතු දැඩිව විවේචනය කලේය.

අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත සම්බන්ද විවාදයේදී ඔවුන් දැඩි ලෙස ඊට විරෝධය පල කල අතර අවසානයේ ඡන්ද විමසීමේසී විරුද්ධව ඡන්දය භාවිතා කිරීමද විශේෂත්වයකි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා මෙහිදී ආණ්ඩුවේ කටයුතු සදහා දැඩි වාග්ප්‍රහාර එල්ල කලේය.ඒ අවස්ථාවේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මන්ත්‍රීවරයාට බැන වදින්නට වුහ.දයාසිරි ජයසේකර,චන්දිම වීරක්කොඩි යන මන්ත්‍රීවරුන් සුසිල් ප්‍රේමජයන් මහතාට සහාය පලකරමින් ඔහුගේ අසුන් ළඟම සිටියේය.ඒකාබද්ධ විපක්ෂයේ වෙලාවෙන්ද ඔවුන්ට කාලය ලබාදීම විශේෂත්වයක් විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here