ඉල්ලා අස්වෙනු ශ්‍රිලනිප තීරණය අගමැතිට දන්වයි

0

විශ්වාසභංගයට පෙර ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට ශ්‍රිලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින නිවේදනය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ තවත් ඇමති පිරිසකගේ සහභාගිත්වයෙන් අද පෙරවරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බාරදී තිබේ.

කැබිනට් හමුව අවසානයේ මෙය අගමැතිවරයාට බාරදීමට කටයුතු කල බව වාර්තාවේ.

මේ අතර විශ්වාසභංගය විවාද කිරීමට පෙර රැස්වෙන අවසන් කැබිනට් හමුව අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here