ඉතිහාසයේ රන් අකුරින් හා කළු අකුරින් ලියවෙන ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් ගැන ලන්සා කල හෙළිදරව්ව මෙන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් ආණ්ඩුව සමග තවදුරටත් ගැටගසා තබාගැනීමට උත්සාහ කරන කණ්ඩායම සිදුකරන්නේ ජාතික අපරාධයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා පැවසීය. දැන හෝ නොදැන මෙම පීරිස කරන්නේ බෙදුම් වාදීන්ගේ සහ අධිරාජ්‍යවාදීන්ගේ උවමනාව සදහා සහයෝගය දීමක් බවද මන්ත්‍රීවරයා කීවේය.

ඔහුගේ දේශපාලන කාර්යාලයේදී පක්ෂ  ක්‍රියාකාරීන් පිරිසක් සමග පැවති සාකච්චාවකදී මන්ත්‍රීවරයා මේ බව සදහන් කලේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මේසේද පැවසීය.

“ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය ආරම්භ කල නිර්මාතෘවරයා ලෙස බණ්ඩාරනායක මහතා ඉතිහාසයට එක්වී ඇති ආකාරයටම එම පක්‍ෂය අවසන් ගමන් යැවුයේ කවුද යන්න අනාගතයේදී සාකච්චා වට බදුන් වනවා.මැදුම් පිළිවෙත අගය කරමින් දේශීයත්වයට මුල්තැන දෙමින්  සග වේද ගුරු  ගොවි කම්කරු  පංචමහා බලව්ගය එක්තැන් කර නිර්දන පන්තිය වෙනුවෙන් පෙනීසිටි ශ්‍රීලනිපය ධනපති පංතිය වෙනුවෙන් පෙනීසිටින  එක්සත් ජාතික පක්‍ෂය සමග එකතුවී වැඩකරන ජනතාවගේ අයිතීන් කප්පාදුකරීමට අවශ්‍ය අණපනත් සමමත කිරීමට කටයුතු කිරීමගැනද දේශපාලන ඉතිහාසයේ කළු අකුරින් ලියවෙන බව අප අමතක කරන්න හොදන් ඈ.ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය එජාපය සමග එකතුවී කරන ජනතා විරෝදී කටයුතු සදහා මුහුණදීමට ශ්‍රීලනිපයේ සිටි ප්‍රගතිශීලින් ඉවත්ව ගොස් ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණ නමින් පක්ෂයක් ඇති කළබව ශ්‍රීලංකා දේශපාලන ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනවා.

ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණ මුල්වූ සියලුදෙනාගේම නම් ශ්‍රීලංකා වංශ කතාවේ වීරයන්ගේ ලැයිස්තුවට එකතුවනව.ඒ නිසා තම තමන්ගේ දේශපාලන ඉතිහාසය රන් අකුරෙන් ලියාගැනීමට කටයුතු කරන්නැයි තවදුරටත් එජාප ආණ්ඩුවේ එල්ලී සිටින ශ්‍රීලනිප යේ  සහෘදයන් ගෙන් ඉල්ලා සිටිනවා.”යැයිද නිමල් ලාන්සා මහතා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here