ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු හොයන්න එෆ්.සී.අයි.ඩිය දයාසිරි පසුපස පන්නයි!

අර්ජුන ඇලොසියස්ගෙන් මුදල් ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 118ක් සිටින බවට හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පසුගිය 25දා පාර්ලිමේන්තුවේ කල ප්‍රකාශය ඇතුලත් සී.ඩී.පටය හා සභාගත කරන ලද සියළු ලියකියවිලි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ලබාදෙන ලෙස ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග පවසා තිබේ.ඒ අනුව අදාළ තොරතුරු සියල්ලම පාර්ලිමේන්තුව විසින් අද දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට යැවීමට නියමිතය.මේ පිළිබඳව වෙනම පරීක්ෂණයක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින්ද සිදුකෙරේ.ඉදිරියේදී අවශ්‍ය වුවහොත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කැදවීමටද ඔවුන් බලාපොරොත්තු වන බවද වාර්තාවේ.

මව්බිම-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here