ඇලෝසියස්ගෙන් මුදල් ගත්තු රාජ්‍ය ඇමති හෙළිවෙයි!

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ක්‍රෙඩිට් කාඩ් පතෙහි වියදම වශයෙන් රුපියල් මිලියන 3.2 ක මුදලක් චෙක්පත් හරහා ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සමාගමෙන් ගෙවා ඇති බව නීතිපතිවරයා විසින් ඊයේ අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

මේ අතර නිතීපති දෙපාර්තමේන්තුව විසින් වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කර සිටියේ ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සමාගමෙන් රුපියල් මිලියන 3 ක්, චෙක්පත් කිහිපයක් මඟින් රාජ්‍ය අමාත්‍යවරයෙක් වෙත ලබාදී ඇති බවයි.

එම චෙක්පත් අදාළ රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීන් විසින් මුදල් බවට හුවමාරු කරගෙන ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා අධිකරණය හමුවේ පවසා තිබේ.

මේ අතර අදාළ බී වාර්තාවේ දක්වා ඇති පරිදි මෙම චෙක්පත් ලබාගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී සූජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා බවද වාර්තාවේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here