ආරක්ෂක නිලධාරීන් එක්ක අගමැති කඩල දන්සැලක් වදියි

එජාප ප්‍රතිසංස්කරණ, නව ඇමති මාරුව හා රටේ ආර්ථිකය හැසිරවීම ඇතුලු කරුණු රැසක් ඉටු කරන අතරේ අගමැතිවරයා වෙසක් පුන් පොහොය නිමිත්තෙන් අරලිය ගහ මැදුර තුල සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් හා පහන් කූඩු  ප්‍රදර්ශනයක්ද සංවිධානය කල අතර එය විවෘත වූයේද අගමැති හා බිරිද මහාචාර්ය මෛත්‍රී අතිනි. දින 05 ක් පුරා පැවති එම ප්‍රදර්ශන සදහා ලක්ෂ ගණනක පිරිසක් පැමිණියහ.

“අරලියගහ මන්දිරේට ආපු හුග දෙනෙක් ධාතු වදින්න වෙසක් කූඩු බලන්න වගේම මන්දිරේ බලන්නත් ලොකු උනන්දුවක් තිබුණා.” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ අගමැතිටය.

“ අධි ආරක්ෂිත කලාප හැරෙන්න අනිත් හැම තැනම මිනිස්සුන්ට විවෘත කරන්න මම උපදෙස් දුන්නා. ” අගමැති කීය.

“ වෙසක් බලන්න ආපු අයට ඇතුලෙ පොඩි දන්සැලකුත් තිබුණා නම් තමයි හොද. ” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනාමැදය.

“ ඇතුලෙ නොතිබුණාට ඒ අවට කෑම බීම අයිස්ක්‍රීම් කඩල දන්සැල් හුගක් තිබුණා.මගේ රිය පෙළටත් කඩල වගයක් බෙදුවා මමත් කඩල දන්සැලෙන් කාල මේ ඉන්නේ. ” අගමැති කී විට සියලු දෙනාම ඊට දැඩි සතුට පළ කළහ.

බ්‍රහස්පතින්දා පෙරවරුවේ අගමැතිවරයා සුපුරුදු ලෙස අරලියගහ මැදුරට පැමිණියේ රාජකාරි සඳහාය. ධාතු ප්‍රදර්ශනය හා වෙසක් කූඩු ප්‍රදර්ශනය නිමාවීමෙන් පසුව පරීශ්‍රය පවිත්‍ර කිරීමේ කටයුතුද ඔහු අධීක්ෂණය කළේය.

“ඉස්සර වගේ අපේ මිනිස්සු තැනකට ආවාම ඒතැන දැන් කිලිටි කරනවා අඩුයි. ඒක හොඳ ප්‍රවණතාවයක්” අගමැතිවරයා කී දේ සියලු දෙනා අනුමත කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here