අවුරුදු ගාණකට පස්සේ චන්ද්‍රිකා මහින්ද එක්ක හිනාවෙයි

0

ඇමැති ජෝන්ගේ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් පිරීම නිමිත්තෙන් උත්සවයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සංවිධානය කර තිබුණේ පසුගිය 27 වැනි බදාදාය. ඒ සඳහා ජනපති මෛත්‍රි, අගමැති රනිල්, විපක්ෂනායක මහින්ද, කථානායක කරු මෙන්ම හිටපු ජනාධිපති චන්ද්‍රිකාද එක්ව සිටියහ. උත්සවයට ගිය මහින්දව පිළිගත්තේ ඇමැති ජෝන්ය. ‘එන්න එන්නම තරුණ වෙනවනේ’ කියමින් ජෝන්ගේ පිටට තට්ටුවක් දැමූ මහින්ද මොකක්ද රහස යැයි ඇසුවේය. ඇමැති ජෝන් ඊට ප්‍රතිචාර දැක්වූයේ මහ හ¾ඩින් සිනාසෙමිනි.

උත්සවයේ ටික වේලාවක් රැඳී සිටි මහින්දට ඉක්මනින් එතැනින් පිටව ඒමට වුවමනා වී තිබිණි. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෘත්තීය සමිති මෙහෙය වූ හේමසිරි ජයලත් මහතාගේ අවමඟුල් උත්සවයට සහභාගි වීමට තිබූ නිසාය. තමන් පිටව යන බව ඇමැති ජෝන්ට කියූ මහින්ද නැඟිට මෛත්‍රි දෙසට හැරී තමන්ට මළගෙදර යෑමට ඇති නිසා පිටව යන බව කීවේය. මෛත්‍රිට යාබදව පුටුවේ සිටි කරුද, ඊට යාබද පුටුවේ සිටි චන්ද්‍රිකාටද මහින්ද කියූ දෙය ඇසිණි. වෙනදාට අහක බලාගෙන සිටින චන්ද්‍රිකා එය ඇසී මහින්ද දෙස බලා සිනාසුණේය. පසුව මහින්ද තම හිතවතුන්ට කීවේ චන්ද්‍රිකා තමන් සමඟ සිනාසුණේ වසර ගණනාවකින් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here