අලුත් කැබිනෙට්ටුව දිවුරුම් දෙන්න සියල්ල සූදානම්….විජේදාස එයි..රවී තාමත් නෑ!

නව අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම් දීම සදහා නියමිතව ඇති ආණ්ඩු පක්ෂයේ  මැති ඇමතිවරුන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය වෙත මේ වන විට පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි.

අද පෙරවරු 10.30ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමට නියමිතය.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාද නව අමාත්‍ය මණ්ඩලය සදහා තෙරීපත්ව සිටි අතර එහෙත් ඔහු ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයට මේ වන තෙක්  පැමිණ නොමැති බව වාර්තාවේ.

එහෙත් හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය වෙත පැමිණ ඇති බවද වාර්තාවේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here