අල්ලස් ගත් ලේකම්වරු හිටියේ කාගේ නහය යටද?ෆෝන්සේකා කිව්ව කතාව මෙන්න!

වනජීවි අමාත්‍ය සරත් ෆෝන්සේකා මහතා ඊයේ එජාප කම්කරු රැලියේදී සිය අමාත්‍ය තනතුර ගැන කතා කළේය.

“මට වනජීවි ඇමතිකම දුන්න ගමන් මහින්ද රාජපක්ෂලා,නාමල් රාජපක්ෂලා බය වෙලා.අද අපිට හොද ඇමතිකම් ටිකක් ලැබිල තියනව.දැන් බලන්න මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ නහය යටම හිටපු ලේකම් අල්ලස් අරන් අහුවුණා.අනිත් එක්කෙනා අපි කොයි වෙලේ චන්ද්‍රිකා මැතිණියගේ ගෙදර ගියත් එහෙමයි හිටියේ.අපි 2020 දී අපේම ජනාධිපති කෙනෙක් පත්කර ගන්න ඕනා.අපි ඒ වෙනුවෙන් කැපවෙන්න ඕනා”යැයි අමාත්‍යවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here