අල්ලස් ගත්ත කාර්ය මණ්ඩල ප්‍රධානියා ගැන ජනපති අල්ලස් කොමිසමට කිව්ව කතාව

අල්ලස් ලබා ගැනීමේදී අත්අඩංගුවට පත් ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී අයි. කේ. මහානාම මහතාගේ වැඩ තහනම් කර තිබේ.

ඊයේ රාත්‍රි මොහු සහ  රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියසේන දිසානායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ගත්හ.

කොළඹ ගලධාරී හෝටලයේදී මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ කෝටි 10ක අල්ලස් මුදලකින් කොටි 02ක් අත්තිකාරම් ලෙස ලබා ගනිද්දීය.

මුලින් මොවුන් විසින් ඉල්ලා ඇති අල්ලස් මුදල රුපියල් කෝටි 56ක් යයිද වාර්තා වෙයි.

සීනි තොගයක් සහිත නැවක් සම්බන්ධයෙන් වූ ගලැටළුවක් නිරාකණය කිරීම සදහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවත් දින කිහිපයක් තිස්සේම මෙම සාකච්චාව වූ බවත් හෙලිව ඇත.

සිද්ධිය සංබන්ධයෙන් පරීක්ෂණ පැවත්වීමට පෙර අල්ලස් කොමිසමේ ප‍්‍රධානියා විනින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා දැනුවත් කර ඇත්තේ ජනාධිපති කාර්යාලයේ ඇතැමුන්ද අල්ලස් ගැනීමකට සම්බන්ධ බවට තොරතුරු ඇති බවයි.

“කිසිම ප්‍රශ්නයක් නෑ.මගේ කාර්යාලයේ අය හරි කමක් නෑ.නීතිය ක්‍රියාත්මක කරන්න.ඒකට මගෙන් කිසිම බාධාවක් නෑ” ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

අනතුරුව කාර්ය මණ්ඩල ප‍්‍රධානියා අත්අඩංගුවට ගත් පසුද අල්ලස් කොමිසම විසින් ඒ බව ජනාධිපතිවරයාට දන්වා තිබේ.

” මෙම පුද්ගලයා මගෙ ලග සේවයට විත් මාස දෙකක්වත් නෑ.ඒත් කිසිම ප්‍රශ්නයක් නෑ.ඒවා බලන්න එපා.නීතිය ක‍්‍රියාත්මක කරන්න”යැයි ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here