අරුන්දිකගේ නිල නිවසට රාජ්‍ය ඇමති රියදුරා පනී…නංගිගේ කාමරයේ දොර කඩාගෙන රිංගයි…පොලිසය එද්දි සිල් අරන් වගේ ඉදලා….

0

පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු මහතාගේ මාදිවෙල පාර්ලිමේන්තු නිල නිවසට ඇතුළු වූ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා රාජ්‍ය ඇමති වී. රාධක‍්‍රීෂ්නන්ගේ රියදුරා බව පොලීසිය සදහන් කරයි.අරුන්දික මන්ත්‍රීවරයා මේ දිනවල විදේශගතව සිට්න අතර නිවසේ ඉද ඇත්තේ ඔහුගේ මව සහ නැගණියයි.මෙම පුද්ගලයා අරුන්දිකගේ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීරණයේ පිහිටි නිවසේ පිටුපස දොර කඩාගෙන නිවසට ඇතුළු වී තිබේ.අනතුරුව එය දුටු මන්ත්‍රීවරයාගේ මව මාදිවෙල නිවාසයේ පොලිස් මුර පොල වෙත දිවයාමට තැත්කල අතර ඒ මොහොතේ අදාල සැකකරු නැගණියගේ කාමරයේ දොර කඩා ඇතුල්වී ඇත.ඇය බියට පත්ව කෑ ගසද්දී සැකකරු දිවගොස් ඇති අතර පසුව මොකුත් නොවුනාසේ රාදක්‍රිෂ්නන් ඇමතිවරයාගේ නිවස අසලට වී සිට ඇත.

එම අවස්ථාවේදී මෙම පුද්ගලයා බීමතින් සිට ඇති බවද වෛද්‍ය පරීක්‍ෂණයෙන් හෙලිව ඇත.

මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති මෙම පුද්ගලයා අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here