අපේ අයට විශ්වාසභංග ගෙනාවොත් අපි යනවා..ජනපති අගමැතිගේ මූණටම කියයි!

0

විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් අමාත්‍යවරුන් ඉවත් කරන්නේ නම් තමාට බනින එජාප ඇමතිවරුන් සියළු දෙනාද ඉවත් කල යුතු අතර එසේ නොමැති නම් ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැඩිව අවධාරණය කර තිබේ.

පසුව එක්සත් ජාතික පක්‍සයේ පසුපෙල මන්ත‍්‍රීවරුන් පිරිසක් විසින් ශ්‍රීලනිප ඇමති පිරිසකට එරෙහිව කතානායකවරයාට බාර දෙන ලද විශ්වාස භංග යෝජනාව වහා ඉල්ලා අස්කර ගන්නා ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එජාප තරුණ මන්ත්‍රී පිරිසට පවසා තිබේ.

ඒ අනුව ඔවුන් මේ බව වහාම කතානායකවරයා වෙත දැනුම් දී ඇති බවද වාර්තාවේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා සදහන් කර ඇත්තේ අදාල විශ්වාසභංග යෝජනාව එජාප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ මතයක් පමණක් මිස එක්සත් ජාතික පක්ෂයේ තීරණයක් නොවන  බවයි.

එම නිසා වහාම යෝජනාව ඉල්ලා අස්කර ගන්නැයි අගමැතිවරයා මන්ත්‍රීන්ට දැනුම් දී තිබේ.

මෙවැනි තීරණ ගත යුත්තේ පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි කණ්ඩායම විසින් යැයි අගමැතිවරයා සදහන් කල බවද වාර්තාවේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here