අනුර තනි වෙයි

ව්ධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ද වීමට ඒකාබද්ද විපක්‍ෂය තීරණය කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ  පස්වරුවේ විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිල නිවසේදී පැවති ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායක හමුවේදී මෙම තීරණය ගෙන තිබේ.

මේ සදහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියළු පක්ෂ නායකයන් එක්ව සිටියහ.

අදාළ  යෝජනාව මගින් උත්සාහ කරන්නේ මැතිවරණ සියල්ල කල් දැමීමත්,අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට අවශ්‍ය බලය දීමට බව මෙහිදී  මහින්ද රාජපක්‍ෂ මහතා සාකච්චාව ආරම්භයේදීම කියාසිටියේය.ඒ අනුව පක්ෂ නායකයන් ඒකමතිකව තීරණය කර ඇත්තේ එම යෝජනාවට විරුද්ධව ඡන්දය ලබාදීමටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here