අනවසරයෙන් ඉඩම් ගොඩකරන විනාශය බලන්න ජනපති හෙට මුතුරාජවෙල යයි

0

මුතුරාජවෙල අභය භූමිය විනාශ කරමින් මේ දිනවල සිදුකරන අනවසර ගොඩකිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ.නීතිවිරෝධීව එම ඉඩම් ගොඩ කරන පුද්ගලයන් කවුරුන් හෝ වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.ඊට අමතරව ජනාධිපතිවරයා හෙට උදෑසන මුතුරාජවෙල ප්‍රදේශයේ විශේෂ සංචාරයක නිරත වීමට බලාපොරොත්තු වන අතර ඒ සදහා විෂය භාර අමාත්‍යවරුන් සියළු දෙනාට සහ නිලධාරීන්ට පැමිණෙන ලෙස දැනුන් දී තිබේ.

යම් ලෙසකින් මෙම නීතිවිරෝධී ගොඩ කිරීම සදහා ඔවුන් කිසිවෙකු අනුබල දී ඇත්නම් ඔවුන්ට එරෙහිව කටයුතු කරන බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

 

සුජිත් කෝනාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here